drop down menu




hiru news

Saturday, March 28, 2015

අන්තර්ජාලයේ බොහෝ තැන්වල මම නිතරම දකිනවා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා ලින්ක් එකක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කෙරෙනවා. ඉතින් මම හිතුවා ඉංග්‍රීසි භාෂාවේ මූලික වාක්‍යරටා පිළිබඳවත් ලිපි කීපයක් 

හිරු තරු

හරහා ඔබ වෙත ඉදිරිපත් කරන්න.


මේ දරන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ආසාවෙන් ඉන්න, එහෙත් මේ දක්වා හරි ආරම්භයක් නැතිව ලතැවෙන, පටන් ගන්න තැනක් හොයමින් ඉන්න, පන්තියකට ගියත් හරියට මූලික කරුණු ග්‍රහණය කරගන්න අපහසු වුණු, පන්ති යාම එපා වුණු හෝ අසරණ වුණු අයට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා පුංචි තල්ලුවක් දීමේ උනන්දුවක් ඇති කිරීමේ අහිංසක උත්සාහයක් පමණයි. හොඳින්ම ඉංග්‍රීසි දන්නා අයට මේ ලිපි පෙළ මගහැර යාහැකියි.


හොඳයි..

මේ ලිපියෙන් මම පුංචි හැඳින්වීමක් කරන්නම්.



ඉංග්‍රීසි ඉගෙනගන්නකොට පහසුව සඳහා අපි කොටස් දෙකකට බෙදාගන්නවා. මේ තමයි ඒ කොටස් දෙක.

01. කර්තෘකාරකය (Active Voice)
මේකෙදි අපි කාල 12ක් ගැන කතා කරනවා. කාල දොලහක් කිව්වට ඒ දොලහෙම වාක්‍ය අපි ලියන්නෙ කතා කරන්නෙ එකම විදියට, එකම රටාවකට.  ඒ නිසා අමාරු නැහැ. ඔයා Active Voice විතරක් හරියට දැනගත්තත් ඒ හොඳටම ඇති කතා කරන්න.

02. කර්මකාරකය (Passive Voice)
මේකෙ තියෙන්නෙ කාල 8යි. අටක් වුණාට අටේම වාක්‍ය අපි ලියන්නෙ කතාකරන්නෙ එකම විදියකට, එකම රටාවකට.

කතාකරන්න Passsive Voice දැනගෙන ඉන්න එක අනිවාර්ය නෑ. හැබැයි ඉතින් ලියනකොට ලස්සනට වැඩ දාලා ලියන්න පුලුවනි දැනගත්තම. ඒ නිසා අපි ඒගැනත් ඉගෙනගනිමු. Active Voice අවසානයේදී, තව ටික කාලෙකින්. එතකල් ඒක අමතක කරල දාන්නකො. එහෙම දෙයකුත් තියෙන බව මතක තියාගන්න. ඒ ඇති.

ඉතින් අපි මුලින්ම කතා කරන්නෙ කර්තෘකාරකය ගැන...ඒ කිව්වෙ Active Voice. මේ පළවෙනි කොටසෙදි මම ඔයාට Active Voice කෙටියෙන් හඳුන්වල දෙන්නම්කො හොඳද.....

කලින් මම කිව්වනෙ කාල දොලහක් තියෙනව කියලා. ඒව අමුතු දේවල් නෙමෙයි. අපි සාමාන්‍යෙයන්; කරන දේවල්, කරපු දේවල්, කරන්න ඉන්න දේවල්, කරමින් ඉන්න දේවල්, කරමින් හිටිය දේවල්, කරමින් ඉන්න හිතාගෙන ඉන්න දේවල්, දැනටමත් කරල තියෙන දේවල්, දැනටමත් කරල ඉවර කරල තියෙන දේවල්. ඔන්න ඔය වගේ දේවල් කියන හැටි තමයි මේ කාල. දැන් ඉතින් ඔලුව සම්බෝල කරගන්නෙපා. එකින් එක ඉගෙනගමු. ඊට පස්සෙ ඔයාට ඔයා කරන, කරපු, කරන්න ඉන්න හැමදෙයක්ම කියන්න පුලුවන්.


සිංහල භාෂාවෙදි අපි කර්තෘ කාරකයෙදි භාවිතා කරන රටාව තමයි කර්තෘ+කර්මය+ක්‍රියාව කියන පිළිවෙල. උදාහරණයක් ගත්තොත්, “මම ගෙදර යමි“.


මම කිව්වනෙ කර්තෘකාරකයෙ (Active Voice) හැම කාලයකටම තියෙන්න එකම වාක්‍ය රටාවක් කියලා. මේ පහළින් තියෙන්නෙ අන්න ඒ වාක්‍ය රටාව. බලන්න සිංහලෙන් අපිට පුරුදු වාක්‍ය රටාවෙන් ඉංග්‍රීසි භාෂාවෙ වාක්‍ය රටාවට එනකොට බොහොම පුංචි වෙනසක් විතරයි වෙලා තියෙන්නෙ. ඒ කර්මය මැදට නෑවිත් අගට යාම.
කර්තෘ + ක්‍රියාව + කර්මය

  1. කර්තෘ (Subject) - මේ තමයි ක්‍රියාව කරන කෙනා/වස්තුව
  2. ක්‍රියාව (Verb) - මේ තමයි කරන ක්‍රියාව (කිරීමක්/වීමක්/සිදුවීමක්)
  3. කර්මය (Object) - කර්තෘ කරන ක්‍රියාවට යටත් වෙන පදය

මෙතන ඉන්න කර්තෘගෙනුයි කර්මයෙනුයි අපිට ප්‍රශ්නයක් නැහැ. කාල දොලහටම ඒ පද දෙක එකම විදියයි. එක් එක් කාලයේදී වෙනස්වෙන්නෙ ක්‍රියාව විතරයිඉතින් අපි මේ කාල දොලහෙදි ඉගෙනගන්නෙ ඔය ක්‍රියාපදය වෙනස්වෙන හැටියි.

ඊළඟ පාඩමට යන්න කලින් මම තව පුංචි දෙයක් කියාදෙන්න ඕන.

හැම ක්‍රියාපදයකම තියෙනවා මූලික අවස්ථාවක් (Stem). සිංහලෙන් කිව්වොත් ඔය “නවා“ කියන අකුරු දෙකෙන් ඉවර වෙන ක්‍රියාපද තමයි මේ Stem එකට ඇතුළත් වෙන්නෙ.

Go - යනවා
Come - එනවා
Write - ලියනවා

මේ මූලික අවස්ථාව තමයි අපි එක් එක් කාලයට ගැලපෙන්න හදාගන්නෙ. නිකං දැනගන්න කිව්වෙ.

දැන් ඔයා මූලික දේවල් ටික දන්නවා.ඊළඟ පාඩමෙන් අපි Simple Present Tense (සරල වර්තමාන කාලය) ගැන ඉගෙනගමු.

Wednesday, December 31, 2014

කුරුලෑ සුව කිරීමේ විදි

මෙම ස්වභාවික ප්‍රතිකාරයන් ඔබේ සමේ ස්වභාවයට නොගැලපෙන හෝ ප්‍රතිචාර නොදක්වන බවක් දිස් වෙනවානම් වෙනත් ක්‍රමයක්ද අත්හදා බලන්න

Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය

ආයුබෝවන් 2015... මෙ මගේ අලුත් අවුරුද්දෙ පළමු පෝස්ටුව ............



යික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි.

Wednesday, September 3, 2014

නිදා ගැනීම වැදගත්ද?

සු ව නින්දකට වඩා වෙන හොඳ දෙයක්‌ නැති බව කීවොත් සමහර විට ඔබත් එකඟ වේවි. කාර්යාලයේ පීඩාකාරී දවස නැතිනම් දීර්ඝ වේලාවක්‌ මහන්සි වී හෝ නිවසේ සහ වත්තපිටියේ වැඩ අවසානයේ ලබන දිගු සුවදායී නින්දෙන් නැවත අපට ප්‍රකෘතිමත් වන්නට පුළුවන්. ඊළඟ දිනයේ අප නැගිටින්නේ පෙර දින පීඩාවක්‌ හෝ ඇඟේ පතේ රුදාවක්‌ තිබුණාදැයි වත් නොදැනෙන සාන්ත, ප්‍රාණවත් සහ ඕනෑම දෙයක්‌ කිරීමට හැකි ගතියකින්.

Saturday, August 23, 2014

IPHONE , LAPTOP , PHONE , TV , PLAYER ඕනෑම දෙයක් නොමිලේම ඔබේ ගෙදරට [100% WORKING]

මම දන්නවා මේක විශ්වාස නොකරන අය ඕනා තරම් ඉන්නවා . ඉතින් විශ්වාස කරන අය විශ්වාස කරන්න . මේකෙන් ඇත්තටම නොමිලේම CREDIT CARD නැතුවම ඔයාට බඩු නොමිලේම 100% ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් . IPHONE , TAB , HOME THEATRE SYSTEM , SAMSUNG GALAXY , GAMING CONSOLE වගේ නානප්ප්‍රකාර දේවල් ගෙන්නගන්න පුළුවන් . ඔක්කොම නොමිලේ 

Sunday, August 3, 2014

ඔයාගේ PC එකේ පාස්වර්ඩ් එක අමතක වුනොත්?

මෙකනන් හිත ඇදිල යන පෝස්ට් එකක් වේවි මොකද මේ වගේ අවස්තාවලට අපිත් මුහුන දීලා ඇති නැත්නම් මුහුන දෙන්න වුනොත් එහෙම මොකද කරන්නේ ඒක ගැන ලත වෙවී ඔහේ බලාගෙන ඉන්නවද?හැබැයි අද ඉඳලා නම් එහෙම වෙන්නෙ නෑ මොකද මම කියන්න යන්නේ පාස්වර්ඩ් එක අමතක වුනොත් මොකද කරන්නේ කියලා.හැබැයි පොඩි අව්ලක්

Monday, July 28, 2014

ebay වෙබ් අඩවිය භාවිත කර නිවැරදි අයුරින් ගනුදෙනුවක් කරගැනීම

 ebay වෙබ් අඩවිය භාවිත කර නිවැරදි අයුරින් ගනුදෙනුවක් කරගැනීම සදහා තත්වයෙන් උසස් භාණ්ඩයක් තෝරා ගන්නා අයුරු''''

අපේ යාළුවන්ට තියන ලොකු ගැටළුවක් තමයි මේ eBay කියන්නේ මොකක්ද?? එම අඩවියෙන් අපි ගනුදෙනුවක් කර ගන්නේ කෙසේද?? යනාදී නොයෙක් ගැටළු අපේ යාළුවන්ට තියනවා බොහොමයක් අවස්ථා වලදී අපේ සමහර යහළුවෝ ව්‍යාජ ගනුදෙනු කරුවන්ට අහුවෙලා තමන්ගේ මුදල් පවා නැති කරගත්ත අවස්ථා තියනවා ඒ නිසා මම හිතුව මේ ගැන අපේ යහළුවන්ව දැනුවත් කරන්න ඕනි කියල. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව වැඩට බහිමු.