drop down menu




hiru news

Monday, July 28, 2014

ebay වෙබ් අඩවිය භාවිත කර නිවැරදි අයුරින් ගනුදෙනුවක් කරගැනීම

 ebay වෙබ් අඩවිය භාවිත කර නිවැරදි අයුරින් ගනුදෙනුවක් කරගැනීම සදහා තත්වයෙන් උසස් භාණ්ඩයක් තෝරා ගන්නා අයුරු''''

අපේ යාළුවන්ට තියන ලොකු ගැටළුවක් තමයි මේ eBay කියන්නේ මොකක්ද?? එම අඩවියෙන් අපි ගනුදෙනුවක් කර ගන්නේ කෙසේද?? යනාදී නොයෙක් ගැටළු අපේ යාළුවන්ට තියනවා බොහොමයක් අවස්ථා වලදී අපේ සමහර යහළුවෝ ව්‍යාජ ගනුදෙනු කරුවන්ට අහුවෙලා තමන්ගේ මුදල් පවා නැති කරගත්ත අවස්ථා තියනවා ඒ නිසා මම හිතුව මේ ගැන අපේ යහළුවන්ව දැනුවත් කරන්න ඕනි කියල. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව වැඩට බහිමු.


 eBay කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබාගන්න පුළුවන් වෙබ් අඩවියක්.ඒ වගේම අපි භාණ්ඩයක් ලබාගැනීමට ප්‍රථම භාණ්ඩය අප වෙතට ලබාදෙන පුද්ගලයාට අප විසින් මුදල් ගෙවීමට සිදුවෙනවා.ඒ වගේම තමයි අපට මේවිදියට භාණ්ඩ හා සේවා ලබාදෙන පුද්ගලයෝ ලෙස පෙනී සිටිමින් මුදල් ගසාකන පිරිසකුත් මේක ඇතුලේ ඉන්නවා එත් අපිට සුරක්ෂිත අයුරින් භාණ්ඩයක් ලබා ගැනීමට මෙම වෙබ් අඩවිය යම් ක්‍රම කිහිපයක් අපට හදුන්වල දීල තියනවා....

පළමුව මෙතනින් යන්න මගින් අපට මෙම වෙබ් අඩවියට ගමන් කල හැකි වන අතර එහිදී ඔවුන් විසින් තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල හා එහි දත්තයන් ලබාදී ඇති බව ඔබට දැකගත හැකි වේවි.
 දැන් ඉහත රුපයේ දක්වා ඇති පරිදි එම වෙබ් අඩෙවියෙහි Search bar තුල ඔබට අවශ්‍ය භාන්ඩයෙහි නම ඇතුලත් කොට ඊට දකුණු පසින් පිහිට ඇති Main category drop down list එක භාවිතා කොට එම භාණ්ඩය අයත් ඛාණ්ඩය තෝරා දී Search,Button එක click කල විට වඩාත් කාර්යක්ෂමවත් සහ නිවැරදිම අයුරින් ඔබට ප්‍රතිපල ලබාගත හැකිය.

   තවද Search tab එකට වම් පසින් පිහිටා ඇති category drop down list එක මගින්ද භාණ්ඩ සෙවිය හැකි අතර නමුදු එම list එක සමග Search tab එකෙහි කිසිදු සම්බන්දයක් නොමැත

Click කල විට මේ අයුරින් දිස්වන එය මගින් භාණ්ඩය එකවර සොයාගත නොහැකි වුවද ඉතා ඉක්මනින් භාණ්ඩය අයත් category මගින් ඒ තුල පිහිට ඇති sub category ද භාවිතයෙන් ලබාගත යුතු  භාණ්ඩය අයත් නිවැරදි පෙදෙසට ඉක්මනින්ම යාමේ හැකියාවක් පවතී. 

හොදයි එහෙනම් දැන් ඒ ඉහත කියල දීපු විදියට අපි අපි භාණ්ඩය අයත් පෙදෙසට ගියා නම් ඔබට පහත දැක්වෙන අයුරින් දැකගත හැකිය,


හොදයි දැන් ඔබට පේනවා ඇති අඩවියේ වම් පසින් Option bar එකක් පිහිටා ඇති බවත් මා විසින් ඒවායින් කිහිපයක් රවුම් කර ඇති අයුරු ඔබට දැකගත හැකි වේවි.හොදයි අපි භාණ්ඩයක් තොරගන්නකොට සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු තමයි අපි ඒ රවුම් කලේ.
·      උඩින්ම තියෙන්නේ භාණ්ඩයේ තත්වය ගැන ඔබට අඩු මුදලකට භාවිතා කරන ලද භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් used check box එකon කල විගස ඔබ සිටින පිටුව reload වී ඔබට අවශ්‍ය වූ භාවිත කරන ලද භාණ්ඩ ලබාගන්න පුළුවන්.ඒ වගේම තමයි අලුත්ම භාවිත නොකරන ලද භාණ්ඩයක් වුවද ඒ අයුරින්ම ලබාගත හැකි වීමයි.

·  හොදයි අපි දෙවෙනියට රවුම් කරලා තියන්නේ මිල පරාසය අපිට මිල පරාසය American Dollars වලින් තමයි දෙන්න ඕනි දුන්නම ඔබට අවශ්‍ය මිල පරාසයට අදාලව ඊට අයත් භාණ්ඩ දැකගන්න පුළුවන්


·      මීලගට අපි තුන්වෙනුවට රවුම් කොට ඇති දේ තරමක් වෙනස් දෙයක් මෙම eBay හි ලබාදීලා තියන එක අනෙක් අඩෙවි වල දැකගැනීමට අපහසු දෙයක් තමයි Auction (වෙන්දේසිය) කියල කියන්නේ මෙහිදී අපිට වෙන්දේසිය සදහා ලබාදී ඇති භාණ්ඩ සදහා Bid කිරීමට අවශ්‍ය පුද්ගලයින්ට මේක කදිම අවස්ථාවක් ගෙදර ඉදන්ම Bid කරන්න පුළුවන් වීම. නමුත් ලංකාවේ අපිට එක එච්චර ගැලපෙන දෙයක් නෙමෙයි සමහර වෙන්දේසි අවුරුද්දක් පුරා දිවයන අතර.සමහර විටදී භාණ්ඩයේ මිලට වඩා වැඩි මිලක් ගෙවීමටද සිදු වෙනවා.ඒ නිසා අපිට ඒ වෙලාවේදීම මුදල් ලබා දී ගැනීමට අවශ්‍ය නම් එම tab එකෙහිම ඇති Buy it now කියන Check box එක on කිරිමෙන් අපට එවෙලෙහිම ගනුදෙනුව කල හැකි භාණ්ඩ පමණක් පෙන්වනු ලබයි.

·      මීලග රවුමෙන් පෙන්වන්නේ Delivery Options කියන එකෙන් කියන්නේ අපි භාණ්ඩය අප වෙතට ගෙන්වා ගන්න ආකාරයයි Expedited shipping , Free shipping කියල Options දෙකක් ඔබට දැකගන්න හැකි වේවි, මේවයින් කියන්නේ Expedited shipping තෝරා ගත විට අපට shipping සදහා මුදලක් අය කර ගන්න බවයි. Free shipping වලදී අපට shipping සඳහා මුදලක් අය කර නොගනී.නමුත් මුදලක් අය කර ගන්න shipping සේවාවන්හි කාර්යක්ෂම භාවයක් පවතී එවැනි shippingක්‍රමයක් ඔබ භාවිතා කරන්නෙහි නම් ඔබට ඇමරිකාවෙහි සිට භාණ්ඩයක් ලංකාවට පැමිණීමට ගත වන්නේ පැය 24 වැනි කාලයක් පමණි.නමුත්Free shipping හි එසේ කාර්යක්ෂම භාවයක් දැකගත නොහැකි අතර සමහර භාණ්ඩ පැමිණීමට උපරිමය මාස5 ක කාලයක් පවා බලාසිටි අවස්ථා ද පවතී

තව Options එම Option bar එකෙහි පවතින අතර අලුතින් add කර ගැනීමට අවශ්‍ය නම් More refinements... මගින් අලුත් Filters ලබාගත හැකිය,

    හොදයි අපි ඔන්න එහෙනම් අපිට අවශ්‍ය බඩු ලිස්ට් එකක් පෙරලා වෙන් කර ගත්ත කියමුකෝ....දැන් කොහොමද අපි මේ භාණ්ඩ විකුණන අය විශ්වාසවන්ත අයද නැද්ද කියල දැන ගන්නේ කියන ප්‍රශ්නේ ඔබටත් එනවා ඇති..


 හොදයි ඔබට පේනවා ඇති මම ඉහත රුපයේ රවුම් කරලා තියන කොටස එකේ තියෙන්නේ  Top-rated seller කියන පදක්කම eBay මගින් එම භාණ්ඩය විකුණන පුද්ගලයාට ලබාදී තිබෙන සාමාන්‍ය මිනිසුන්ට මේ අයව වෙන් කරලා හදුනා ගන්න දීල තියෙන සංකේතයක්.මේකෙන් කියන්නේ මේ වෙළෙන්දා ඉහල ඇගයුම් මට්ටමක ඉන්නා බවයි මෙවැනි පුද්ගලයෙකුගෙන් භාණ්ඩයක් ගැනීමට කිසි ද බිය විය යුතු නැත. මන්ද යත් මොහුට මෙම පදක්කම ලබාදී ඇත්තේ කාලයක් තිස්සේ ඔහුගේ ඇගයුම් මට්ටම ඉහල අගයක පවත්වා ගනිමින් වෙලදාම් කල පුද්ගලයෙකු නිසාවෙනි.


   හොදයි එවැනි පුද්ගලයෙකුගේ භාණ්ඩයක් තොර ගැනීමට නොමැති වුව හොත් ඔබ පතන භාණ්ඩය Top-rated නොවන වෙළෙන්දෙකු සතුව පවතී නම් පලමුව එම භාණ්ඩය තෙරු විට පහත පරිදි පැමිණෙන පිටුවෙහි දකුණුපස වෙළෙන්දාගේ
තොරතුරු ඇතලත් කොටසෙහි ඔහු සතුව පවතින Positive feedback එක බලන්න එය 80% ට වඩා අඩු අගයක පවතී නම් කිසිසේත්ම එම භාණ්ඩය ගැනීමෙන් වැලකි සිටින්න.එම අගයට වඩා වැඩි වුවද ඔහුගේ වාර්ෂික ඇගයුම් මට්ටම් හා අනෙකුත් විස්තර බලා ගැනීමට එම වෙළෙන්දාගේ නම මත Click කල විට පහත පරිදි පිටුවකට පැමිණේ...


 මෙහිදී ඔහු සතු සියලුම ඇගයීම් මට්ටම් වෙන වෙනම දැකගත හැකි අතර ඔහුටගනුදෙනු කරුවන් විසින් ලබා දී ඇති අර්ථ කතනයන් සහ අවුරුද්දක් තුලදී ඔහු තුල ඔහුගේ ඇගයීම් මට්ටම කොටස් තුනක් කාල තුනක් මගින් දැකගැනීමට අවස්ථාව සලස්වා තිබේ.

    තව දෙයක් !!!! ඔබට පහතින් දී ඇති භාණ්ඩය ඇනවුම් කරන පිටුවට ගිය විට ඔබට එහි Shipping යනුවෙන් සදහන් කොට ඇති කොටසක් දැකගත හැකි අතර Free Shipping වලදී සැලකිලිමත් වියයුතු කාරණයකි එම Free shipping ක්‍රමය Economy Standard ද යන වග.ඔබට ඉතා ඉක්මනින් අවශ්‍ය භාණ්ඩයක් නම් Standard ක්‍රමය භාවිතයෙන් සතියක් හෝ දෙකක් ඇතුලත ගෙන්වා ගත හැකි අතර Economy ක්‍රමය භාවිතා කරන්නෙකුට මාසයත් මාස 5ත් අතර කාලයක් භාණ්ඩය එන තුරු බලා සිටීමට සිදුවේ.තවද  Economy ක්‍රමය මගින් ගෙන්වාගන්න භාණ්ඩයට වඩා වැඩි ආරක්ෂාවක් නැව තුලදී Standard ක්‍රමයෙන් ගෙන්වා ගන්න භාණ්ඩයකට ලැබේ.ඒ සදහා සුළු මුදලක් තත්වයෙන් උසස් භාණ්ඩ සඳහා ලංකාවේදී තැපෑල මගින් ඔබට දන්වා එය ගෙවීමෙන් අනතුරුව ඔබට භාණ්ඩය ලබා ගැනීමේ හැකියාව පවතී.
තවද Shipping තුලම ඇති see details සහ see exclusions මගින් ලංකාවට ප්‍රවාහනයට වෙළෙන්දා කැමත්තෙන් පසුවන බවද කැමති නැති බවද .... ඔවුන් විසින් අප වෙතට භාණ්ඩය ලබා දෙන බවට ඔවුන් නිර්ණය කරන කාල පරාසයද මෙමගින් දැකගත හැකිය...

   මේ කියන ලද සෑම අංගයක්ම තෘප්ත වී ඇත්නම් ඔබට බියක් සැකයකින් තොරව භාණ්ඩය මිලදී ගැනීමට හැකියාවක් පවතී මිලදී ගැනීමට ප්‍රථම භාණ්ඩයක් තෝරා ගන්නේ කෙසේදැයි දැන් ඔබ දන්නවා ඇති.
 comment ekak dala yanno............


No comments:

Post a Comment